27.4 C
Colombo
Thursday, December 12, 2024

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

- Advertisement -

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආපදාවලට ලක්වූ ගොවිබිම් මෙන්ම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතින බවයි.

එමෙන්ම, වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවිජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

“ආපදාවලට ලක්වූ ගොවිබිම් වගේම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතිනවා. ඒ අනුව හානි වුණ වගාබිම්වලට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට රජය බැඳිලා ඉන්නවා. ඒ යුතුකම වගකීම අපි ආණ්ඩුව විදියට අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. අඩිය, අඩි දෙක, අඩි එකහමාර විතර යටට වැලි තට්ටු තට්ටු පිරිලා කුඹුරු යටවෙලා තියෙනවා. ඒ සඳහා මැෂින් උපකාරය ගන්න වෙනවා. අපි දැනුවත් කරා ඒ ඒ ප්‍රදේශවල තියෙන විවිධ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය යටතේ ඒ ගොවිබිම් නැවත යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන්න කියලා.”

RECENT ARTICLES - SINHALA

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා. සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල්...

POPULAR ARTICLES

ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ගාසාහි 35 දෙනෙකු මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්...

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...