29 C
Colombo
Thursday, December 12, 2024

අසාද් සාලිගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යැයි තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම්  පෙත්සමේ තීන්දුව අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා.

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ෆර්නෑන්ඩු මහතා සඳහන් කළේ අසාද් සාලි මහතාගේ 12(1) සහ 13(1) යන මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරන බවයි.

එබැවින් පෙත්සමේ  වගඋත්තරකරුවන් වන හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය  සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල යන නිලධාරීන් අසාද් සාලි මහතාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව,වගඋත්තරකරුවන් විසින් අසාද් සාලි මහතාට රුපියල් 75,000ක මුදලක් ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එමෙන්ම අසාද් සාලි මහතාව  රඳවා තබා ගැනීම සඳහා නිකුත් කළ රැඳවුම් නියෝගයද නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කළා.

RECENT ARTICLES - SINHALA

96 ලෝක ශූරයින්ගෙන් නිවාස සංකීර්ණයක්

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් ඒකරාශීව මහල් 42 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් සඳහා අද (12) මුල්ගල් තබා තිබෙනවා. පැලවත්ත...

හරවා යවපු තෙල් නැව ගැන පැහැදිලි කිරීමක්

මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල්...

විදෙස් රැකියා ඒජන්සියක යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා. අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට...

POPULAR ARTICLES

96 ලෝක ශූරයින්ගෙන් නිවාස සංකීර්ණයක්

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් ඒකරාශීව මහල් 42 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් සඳහා අද (12) මුල්ගල් තබා තිබෙනවා. පැලවත්ත...

හරවා යවපු තෙල් නැව ගැන පැහැදිලි කිරීමක්

මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල්...

දරුවන්ගේ පාසල් උපකරණ ගැන අනතුරු ඇඟවීමක්

පාසල් දරුවන්ගේ ජල බෝතල් සහ කෑම පෙට්ටි මිලදී ගැනීමේදි දැඩි ලෙස විමසිලිමත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසන්නේ නව පාසල් වාරයේ ආරම්භය...