29 C
Colombo
Thursday, December 12, 2024

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

- Advertisement -

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා.

සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 220 බැගින් පාරිභෝගිකයින්ට අළවි කරන ලෙසට රජය මගින් පාලන මිලක් නියම කර ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් අම්බලන්තොට නගරයේ වෙළඳසැල් වල අළෙවි කරන බවට හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියට ලැබුනු පැමිණිලි මත මෙම වැටලිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර නිළධාරී ලක්ෂමන් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව, උපාය දූතයෙකු යොදවා අම්බලන්තොට නගරයේ හාල් අළෙවි කරන වෙළඳසැල් කිහිපයකින් හාල් මිලදී ගැනීම සිදුකර ඇති අතර, සුදු කැකුළු හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් පාරිභෝගික සේවා අධිකාරියේ උපාය ධූතයාට වෙළඳසැල් හිමියන් අළෙවි කර තිබෙනවා.

ඒ අනුව, අම්බලන්තොට නගරයේ ප්‍රධාන හාල් අළෙවි කරන වෙළඳසැල් දෙකකට රජයේ පාලන මිලට වැඩියෙන් පාරිභෝගිකයින්ට හාල් විකිණිමේ වරදට නඩු පැවැරීමට කටයුතු කළ ලක්ෂමන් රත්නායක මහතා පවසනවා.

මෙහිදි හාල් වෙළඳුන් කියා සිටියේ, තොග වශයෙන් මෝල් හිමියන් හාල් ලබාදෙන මිල අනුව රජයේ පාලන මිලට අළෙවි කිරිමට නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

මාතර මිලියනපතියන්ටත් අස්වැසුම තියනවලු

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගිණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත්...

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මුදල්...

බස් වෑන් අනතුරින් පහක් රෝහලට

කොළඹ - මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද (12) පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

POPULAR ARTICLES