26.9 C
Colombo
Thursday, December 12, 2024

විදෙස් රැකියා ඒජන්සියක යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා.

අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කුරුණෑගල, නාවින්න ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකදී මෙම සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු හසලක ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු බව පැවසෙන අතර ඔහුගේ අනියමි බිරිඳ බව කියන කාන්තාවක ⁣මෙම රැකියා ඒජන්සිකරු මාර්ගයෙන් “කුවෙටි” රටට ගෘහපාළිකාවක් වශයෙන් යවා තිබෙන බව පැවසෙනවා.

ඇය දුරකතනයෙන් සමිබන්ධකර දෙන්නැයි ඉල්ලා සිටියත් එය ඉටුනොවීම නිසා වූ බහින් බස්වීමකදී මෙම පිහි ප්‍රහාරය එල්ලවී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය වාර්තා වීමත් සමග ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්ථානය පොලීසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සැකකරු පිහිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාලකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාරලබමින් සිටින බව රෝහල් ආරංචිමාරග පවසනවා.

මේ අතර පහර කෑ එම කාර්යාලයේ සේවය කළ කාන්තාව රොහල්ගත කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති...

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියක් (14) ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. නියෝගය ලබා දෙමින් කොළඹ...

මාතර මිලියනපතියන්ටත් අස්වැසුම තියනවලු

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගිණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත්...

POPULAR ARTICLES