26 C
Colombo
Friday, December 13, 2024

මාතර මිලියනපතියන්ටත් අස්වැසුම තියනවලු

- Advertisement -

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගිණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පවසා තිබෙනවා.

කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වුණා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේ දී අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ දී එම කරුණු අනාවරණය වි තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සේනක පල්ලියගුරුගේ මහතා පවසා තිබුණේ,

“මම මේ විෂයට අදාල රාජ්‍ය නිලධාරියෙකු නොවුනත් මෙතන ඊට අදාල නිලධාරීන් ඉන්න නිසා රජයට බදු ගෙවන පුරවැසියකු ලෙස මේ දේ කියන්න කැමතියි. මොකද මගේ පඩියෙනුත රුපියල් පහලොස් දහසක් බදු විදියට කැපෙනවා.මගේ මිතුරන් කිහිප දෙනෙකුම ඉන්නවා බැංකු කලමණාකරුවන් ලෙස සේවය කරන.ඔවුන් මට වගකීමෙන් කියා තිබෙනවා සමහර අස්වැසූම් ප්‍රතිලාභ ලබා ගැනීමට තමන්ගේ බැංකුවට එන අයට රුපියල් මිලියන තුන හතර ස්ථාවර තැන්පතු තිබෙන බව. අස්වැසුම මුදල් මාසිකව ගන්න ගමන් සමහරු ඒ ස්ථාවර තැන්පතු වල මාසික පොලියත් ලබා ගන්නවා. අස්වැසුම ගීණුම හීමි ප්‍රතිලාභියාගේ ජාතික හැදුනුම්පත් අංකය යටතේම එම ස්ථාවර තැන්පත් ගිණුමත් තිබීම විශේෂයි.බැංකු වලට මේ තොරතුරු දෙන්න යාන්ත්‍රණයක් නෑ.ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්”

ඊට පිළිතුර ලෙස අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කලේ දැනට අස්වැසුම් ප්‍රතිලාභ ලබා ගන්නා සියලුම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නැවත සමාලෝචනය කිරීම සදහා ලබා දෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට නොතීසි

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (12) නියෝග...

දීඝදන්තු මරණයේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

දීඝදන්තු ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා. ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය...

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති...

POPULAR ARTICLES