30 C
Colombo
Tuesday, January 7, 2025

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්

- Advertisement -

සිය අධ්‍යපාන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු කර තිබෙනවා.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා අද (13) සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුනාතිලක, පා.ම. ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරනු ලැබුවා.

සමගි ජන බලවේගය පවසන්නේ, වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙරද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද කථානායක ධුරයේ රාජකාරී භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යා පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ඇති බව පවසමින් ජනතාව මුළා කර ඇති බවයි.

එමෙන්ම, අසෝක රන්වල මහතා ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති නිසා ද මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ලවන අවස්ථාවේදී හා තොරතුරු විමසීමේ දී නිහඬ සිටිමින් සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ 3 වැනි කොටසේ 6 වැනි වගන්ති ප්‍රකාරව සහ එම ආචාරධර්ම සංග්‍රහයේ 5 වැනි කොටසේ චර්යා රීතිවලට අනුව එම රීති උල්ලංඝනය කර තිබීම, පාර්ලිමේන්තුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඔහු විසින් සෘජුවම ප්‍රධානීත්වය දරණ අනෙකුත් උත්තරීතර ආයතන පිළිබඳ විශ්වාසය කඩකිරීම යන හේතුන් දක්වමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Starlink පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය...

වී වල සහතික මිල ළඟදීම

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී නිෂ්පාදනය සඳහා වැයවෙන...

චීනෙට යන ලංකාවේ කුකුල්ලු

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්...

POPULAR ARTICLES

Starlink පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය...

සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරන්නේ අඳුර – අමාත්‍ය බිමල්

ඇතැම් ප්‍රධාන  රූපවාහිනී ආයතන clean sri lanka වැඩසටහනට විරුද්ධව තම වාර්ථාකරණයේ නිරත වන බව ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා...

වී වල සහතික මිල ළඟදීම

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී නිෂ්පාදනය සඳහා වැයවෙන...