සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් හයිද්‍රාබාද්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මීට සතිදෙකකට පෙර ‘Pushpa 2’ තිරගත වීමක් අතරතුර චිත්‍රපට ශාලාවක වූ තෙරපීමකින් කාන්තාවක් මිය යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන්.
චිත්‍රපටයේ විශේෂ දැක්ම සඳහා පැමිණි අල්ලු අර්ජුන් පැමිණ ඇති අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එහි ඇතිවූ තෙරපීමකින් කාන්තාවක් මිය ගොස් ඇගේ 8 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ප්‍රශ්න කිරීම සඳහා අල්ලු අර්ජුන්ව හයිද්‍රාබාද් පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.