30 C
Colombo
Tuesday, January 7, 2025

යාපනයේ පැතිරෙන්නේ මී උණට සමාන වෛරසයක්

- Advertisement -

යාපනයේ පැතිර යන හඳුනානොගත් උණ වෛරසය මී උණට සමාන වෛරසයක් බව යාපනය ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂක කේ.ඒ්. කේදීස්වරන් මහතා පවසනවා.

මිය ගිය රෝගීන්ගේ සාම්ඵල කිහිපයක් කොළඹට යවා සිදුකරන ලද පරික්ෂණ වලදී දැනට මේ පිළිබදව තොරතුරු අනාවරණය වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මේ වන විට යපනය සහ පේදුරුතුඩුව රෝහල්වල මෙම හදීසි උණ වෛරසය වැළඳී රෝගීන් 44 දෙනෙකු වාර්ථා වී ඇති බවටත් ඉන් රෝගීන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවටත් වෛද්‍යවරයා පවසනවා.

යාපනය පේදුරුතුඩුව, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි ප්‍රදේශයන්හි මෙම උණ වෛරසය වාර්ථා වී ඇති හෙයින් ඔිනෑම අයෙකුට උණ තත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රෝහල වෙතට පැමිණ රුධීර සාම්ඵල වාර්ථාවක් ලබාගන්නා ලෙසටද වෛද්‍ය කේ.ඒ්. කේදීස්වරන් මහතා සඳහන් කළා.

ඔහු සඳහන් කර තිබුණේ අදාල වෛරසය මී උණට සමාන වයිරසයක් බැවින් ඒ් ඔස්සේ සෙසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම අරඹා ඇති බවයි.

මේ අතර මෙම වෛරසය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් යාපනය සහ පේදුරුතුඩුවට ගොස් සෞඛ්‍ය බලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක් ද සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

6000 දීමනාව තවත් පිරිසකට

සිසුන් 300ට අඩු සියලුම පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සිසුන්ට පාසල් උපකරණ ලබාගැනීම සඳහා වන රුපියල් 6,000සක දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම...

Starlink පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය...

වී වල සහතික මිල ළඟදීම

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී නිෂ්පාදනය සඳහා වැයවෙන...

POPULAR ARTICLES

රැඳවියෙක් සමඟ ලිංගිකව හැසිරුණු එංගලන්ත බන්ධනාගාර නිලධාරිනියක් හිරේ

රැඳවියෙකු සමඟ ලිංගිකව හැසිරීමේ චෝදනාවකට ලන්ඩනයේ වැන්ඩ්ස්වර්ත්හි බන්ධනාගාර නිලධාරිනියක් ලෙස සේවය කළ කාන්තාවකට මාස 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ලින්ඩා ද සූසා අබෲ නමැති...