30 C
Colombo
Tuesday, January 7, 2025

බලන් ඉන්න, නිවුස් ගොඩක් තියෙයි – ඇමති බිමල්

- Advertisement -

ගුවන් මගීන් මිලියන 15 ක් සඳහා 2023 වසරේ නිමාවට පත් කිරීමට නියමිතව තිබූ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් අයථා ගනුදෙනු හේතුවෙන් 2028 වසර දක්වා පසුපසට ගොස් ඇති බව අනාවරණය වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ  (13)  උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු, ආගමන විගමන සහ රේගු පරිශ්‍රය, බැංකු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන වෙත ද ගොස්  නිරීක්ෂණයන් සිදු කර තිබුණා.

ඒ සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික ) හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් තොටුපොළ නිලධාරීවරුන් පිරිසක් ද සහභාගී වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“දැනට බණ්ඩාරනායක ගුවන්තොටුපොළ මුහුණ දෙන විශාලම ප්‍රශ්නය තමයි එයට එන මඟීන් ප්‍රමාණයට අවශ්‍ය පහසුකම් සලසන්න බැරිකම, ඒ සඳහා විවිධ යෝජනා ක්‍රියාත්මක කළත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදුවුණ අනෙකුත් අයථා ගනුදෙනු වැනි දේ නිසා 2023 දී අවසන් වීමට නියමිතව තිබූ මඟීන් මිලියන 15කට පමණ ප්‍රයෝජනයට ගත හැකි පරිදි සැලසුම් කරන ලද ව්‍යාපෘති 2028 දක්වා කල් යන තත්වයක් පේන්න තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා වඩා කාර්යක්ෂම මහජන සේවයක් ලබා දෙන්න වගේම අනාගත ආර්ථික අවශ්‍යතාවයන්ට අනුව ගුවන් තොටුපොළ සංවිධානය කරන්න”

මෙහිදී පසුගිය කාලවකවානුව තුළ ගුවන් තොටුපොළ සම්බන්ද වගකිවයුත්තන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පියවර ගන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති රැසක් දැක බලා ගත ගැකි වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

Starlink පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය...

වී වල සහතික මිල ළඟදීම

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී නිෂ්පාදනය සඳහා වැයවෙන...

චීනෙට යන ලංකාවේ කුකුල්ලු

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්...

POPULAR ARTICLES

Starlink පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය...

සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරන්නේ අඳුර – අමාත්‍ය බිමල්

ඇතැම් ප්‍රධාන  රූපවාහිනී ආයතන clean sri lanka වැඩසටහනට විරුද්ධව තම වාර්ථාකරණයේ නිරත වන බව ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා...

වී වල සහතික මිල ළඟදීම

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී නිෂ්පාදනය සඳහා වැයවෙන...