26.2 C
Colombo
Saturday, December 14, 2024

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

- Advertisement -

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා.

අද (13) කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ රජයක් ලෙස මේ මොහොතේ රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවයි.

“අපි අධිෂ්ඨානයක ඉන්නවා රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කරන්න. ඒක ස්ථිරව කරනවා ඒක නොකර කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්න බැහැ. කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි ජන ජීවිතයේ අනෙකුත් පැතිකඩත් බිඳ වැටිලා තියෙන්නේ. විශේෂයෙන්ම රිළවුන්ගේ ප්‍රශ්නේ විසඳනවාමයි… කවුරුත් සැකයක් තියාගන්න එපා මොන අභියෝගය ආවත් ඒක විසඳනවා. රට යැවීම ගැනත් සලකා බලනවා. අපේ රටේ දූපත් තියෙනවා ඒ දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තියෙනවා ඒක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරයට. ඒ නිසා සංචාරක කර්මාන්තයත්, ගොවිජන ජීවිතයත්, පොදුජන ජීවිතයත් සලකලා බලලා මේකට අපි උත්තරයක් හොයන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.”

මේ අතර විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ඉල්ලීමට සූදානම් වීම සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළකරමින් පවසා සිටියේ,

“ඒක හොඳයි ඉතිං හොයපුදෙන්.. ඒක අවශ්‍ය දෙයක් නම්, සමාජයට ඕන දෙයක් නම්, ඒක නම් ප්‍රශ්නේ, ඒකෙන් නම් උත්තරේ එන්නේ හෙව්වාට කිසි ප්‍රශ්නයක් නෑ…. මගේ එක හොයන්න කියන්නකෝ ඔක්කොටම කළින් පුළුවන් නම්. ලාල් කාන්ත… එච්චරයි… වෙන මුකුත් නෑ…”

RECENT ARTICLES - SINHALA

සහල් අලෙවි කරන්නන් ගැන වැටලීම් අදත්

සහල් සඟවා ගැනීම, පාලන මිලට ඉක්මවා සහල අලෙවි කිරීම සම්බධයෙන් දිවයින පුරා සිදු කෙරෙන වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එම...

ජනපති හෙට ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපතිනී...

පුරප්පාඩු වූ කථානායක තනතුරට වෙන දේ

පාර්ලිමේන්තුව මීළගට රැස්වන පළමු දිනයේදීම කථානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා ප්‍රකාශ...

POPULAR ARTICLES

මහින්දගේ ආරක්ෂාවට අවුරුද්දට මිලියන 326ක් වැය කරලා

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සහල් අලෙවි කරන්නන් ගැන වැටලීම් අදත්

සහල් සඟවා ගැනීම, පාලන මිලට ඉක්මවා සහල අලෙවි කිරීම සම්බධයෙන් දිවයින පුරා සිදු කෙරෙන වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එම...

ජනපති හෙට ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපතිනී...