නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එම නිල ඇඳුම් කටට්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි.
ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 27 වැනි දාට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබෙනවා.
චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි පසුගියදා (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නා.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.