30 C
Colombo
Saturday, December 14, 2024

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

- Advertisement -

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.

නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වුණා.

ඒ දක්ෂතා හේතුවෙන් ඉමාඩ් වසීම් නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසියා.

ඒ අනුව, ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කළා.

නමුත් මෙවර විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117ක්.

ඊයේ දිනයේදී ඉමාඩ් වසීම් සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

නමුත් ඉමාඩ් වසීම් තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බවත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මානව හිමිකම් පැමිණිලි 8,000ක් ගොඩගැහිලා

කොවිඩ් සමයේ සිට ගොඩගැහුණු පැමිණිලි අටදහසක් තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා. ඔහු මෙම අදහස් පල කළේ, මානව...

පාසල් ලිපි ද්‍රව්‍ය ගන්න පරිපූරක ඇස්තමේන්තුවක්

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීමට සහ මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තු දෙකක් (17) වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන...

මාලිගාකන්දේ වෙඩිතැබීමක්

මාලිගාකන්ද ප්‍රදේශයේදී අද (14) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සදහන් වනවා. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ...

POPULAR ARTICLES