පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුවලට විනිවිද භාවයකින් යුතුව පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ජාතික ජන බලවේගය විවේචනයට ලක් කර තිබෙනවා.
අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය X ගිණුමෙහි සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් බොරු ඉදිරිපත් කර ජනතාව නොමඟ යැවූ බවට චෝදනා එල්ල වෙන මාලිමාවේ අනෙකුත් මැති ඇමතිවරුද එම ධූරවලින් ඉල්ලා අස් විය යුතු බවයි.
දූෂණයෙන් තොර පිරිසිදු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ දර්ශනය වූ බවත් මේ හේතුවෙන් රජයේ තනතුරු දරන්නන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.