27.2 C
Colombo
Saturday, December 14, 2024

යතුරුපැදි අනතුරකින් අයෙකු මරුට

- Advertisement -

අංක තහඩු නොමැති යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකු බෝකුන්දර – නිවන්තිඩිය ප්‍රදේශයේදී ලොරියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වේරහැර ගංගාරාම කහටගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරංග අසිත ප්‍රනාන්දු පෙරේරා නම් 30 හැවිරිදි අයෙක්.

මියගිය පුද්ගලයා යතුරුපැදියෙන් මහරගම දෙස සිට බෝකුන්දර දෙසට පැමිණීමේදී ඔහුගෙන් යතුරුපැදිය ගිලිහී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී තිබෙනවා.

අනතුරට පත් යතුරුපැදිය මෙරට ලියාපදිංචි කළ නොහැකි අධිබල ධාරිතාවයෙන් යුත් යතුරුපැදියක් බවට පොලීසිය සැක කරන අතර ඒ සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයිද පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධව පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ඉදිරි පැය 36යේ කාලගුණය ගැන නිවේදනයක්

ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ සහ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...

ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ මෝටර් රථ 6,000ක්

රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා පවතින බවට අල්ලස්...

ඉන්දීය මහකොමසාරිස් සහ බිමල් අතර හමුවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබෙනවා. ඒ, බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ...

POPULAR ARTICLES