මීළඟ පාර්ලිමේන්තු සභා වාරයේදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ නීතීඥ ෆයිසර් මුස්තාපා සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මොහොමඩ් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සහ නිසාම් කාරියප්පර් යන පිරිසයි.
පසුගිය නොවැම්බරයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05ක් හිමි වූ අතර, එක් මන්ත්‍රී ධුරයක් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර දිවුරුම් දෙනු ලැබුවා.
අනතුරුව සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන් සහ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු යන අයගේ නම් සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කළා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමි වූ අතර, ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මින් පෙර දිවුරුම් දෙනු ලැබුවා.
ලබන 17 වැනි අඟහරුවාදා සහ 18 වැනි බදාදා දින දෙකෙහි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.