30 C
Colombo
Sunday, December 15, 2024

මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

- Advertisement -

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ  (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙක්.

මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා ඇති අතර තවත් පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන අතර වෙඩිතැබීම සිදුවන විට වයස අවුරුදු එකහමාරක් වු මරණකුරුගේ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට තිබෙනවා.

මිය ගිය පුද්ගලයා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි ප්‍රදාන කාර්යාලයේ, කාර්යාල සහායක නිලධාරීයෙකු ලෙස සේවය කර තිබෙනවා.

නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් ස්ථානීය පරික්ෂණය සිදුකරනු ලබනවා.

වෙඩි තැබු පුද්ගලයින් මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර මීගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති.

RECENT ARTICLES - SINHALA

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා. ඒ අනුව, එම ජලාශ...

අර්චුනා දිස්ත්‍රික් කමිටු රැස්වීමේදිත් යකා නටලා

යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (14) පැවති සංවර්ධන කමිටු රැස්වීමකදී එහි සිටි සියලු දෙනාම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාව ඉන් ඉවත් කරන...

රට රැකියා සිහින ‍පෙන්වමින් මුදල් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු හක්මණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු සම්බන්ධයෙන් හක්මන පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිලි...

POPULAR ARTICLES

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා. ඒ අනුව, එම ජලාශ...

අර්චුනා දිස්ත්‍රික් කමිටු රැස්වීමේදිත් යකා නටලා

යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (14) පැවති සංවර්ධන කමිටු රැස්වීමකදී එහි සිටි සියලු දෙනාම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාව ඉන් ඉවත් කරන...

ජිනීවාහි ගොඩනැගිල්ලක් ඉදිරිපිට කතුන් දෙන්නෙක් අඩ නිරුවත්වෙලා

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට අඩ නිරුවත් වූ යුක්‍රේන ක්‍රියාකාරී තරුණියන් දෙදෙනෙක් විරෝධතාවයක නිරතව තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙලෙස අඩ නිරුවතින් මෙම විරෝධතාවයේ නියැලී...