30 C
Colombo
Sunday, December 15, 2024

ගුල්ලන් ගැසූ සහල් ප්‍රති අපනයන කිරීමට නියෝග

- Advertisement -

මෙරටට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර සහල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කළ බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, එය මෙරටට සහල් එවූ සමාගමේ වරදක් බව නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව එම සමාගමෙන් යළි මුදල් අය කර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම සහල් තොග ගෙන් වූ ආනයනකරු අසාදු ලේඛනගත කිරීමක් නොකරන බවද සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

පෞද්ගලික ආනයනකරුවන් ගෙන් වූ කොළඹ වරායේ පැවති බහාලුම් 3ක තිබී ප්‍රමිතියෙන් තොර එම සහල් තොගය සොයා ගැනුණා.

ඒවායේ පැවති සහල් ප්‍රමාණය, කිලෝග්‍රෑම් 75,000 ක්.

එක් බහාලුමක තිබූ සහල් ඇසුරුම්වල නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වූ දිනයට උඩින් ස්ටිකරයක් අළවා එම දින වෙනස් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කළේ, අනෙක් බහාලුම් දෙකේ තිබූ සහල්වල කෘමි සතුන් නිරීක්ෂණය වූ බවයි.

මේ වනවිට මෙරටට ආනයනය කළ සහල් තොග, මෙට්‍රික්ටොන් 6500කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනපති අද ඉන්දීය නිල සංචාරය අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය අද (15) ආරම්භ වනවා. ඒ අනුව, ජනාධිපතිවරයා අද ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන 17 වනදා...

බෙහෙත් මිල අඩු කරන්න පුළුවන් වුනත් බාධාවක් තියෙනවා – වෛද්‍ය ආනන්ද

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය...

ලොරි රථ අනතුරකින් අයෙක් මරුට : පහක් රෝහලේ

ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා. මෙම අනතුර සිදුව ඇත්තේ, කොළඹ අනුරාධපුර ඒ...

POPULAR ARTICLES