30 C
Colombo
Sunday, December 15, 2024

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම

- Advertisement -

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම අනිද්දායින් (17) ආරම්භ වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, ජනවාරි 8 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි.

2025 වසරේ මුල් මාස 6 දී විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බව විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණා.

එම යෝජනාව, කොමිසමේ නිත්‍ය කාර්ය මණ්ඩලය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකියි.

ඒ අනුව, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා අදහස් යොමුකිරීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමින් වෙන්කර ඇති ස්ථානවලදී අදහස් ඉදිරිපත් කළ හැකියි.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටර් රථයට යටවී ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙක් මරුට

පට්ටිපොළ පොලිස් වසමේ අඹේවෙල සත්ත්ව ගොවිපොළේ සතුන්ට ආහාර බෙදා හරිමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) දහවල් කාලයේදී එම අනතුර සිදුව...

කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති...

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා. ඒ අනුව, එම ජලාශ...

POPULAR ARTICLES