31 C
Colombo
Sunday, December 15, 2024

ගුවන් තොටේ ප්‍රශ්න ඉක්මනින් විසඳනවා – බිමල්

- Advertisement -

ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කරන බව නාවික සිවිල් ගුවන් සේවා ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, ගුවන් තොටේ සේවක ගැටලු ගැන සාකච්ඡා කොට කඩිනම් විසඳුම් දෙන බවයි.

ගුවන් තොටුපලේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට විසඳුම් ලබාදීමේ අරමුණින් ගුවන් තොටුපොල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  පවතින ප්‍රධානම ගැටලුව  වන්නේ  ගුවන්තොටුපලට පැමිණෙන මගී ප්‍රමාණයට සරිලන පහසුකම් ලබා දීමට නොහැකි වීම බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ සඳහා විවිධ යෝජනා පසුගිය කාලවල ක්‍රියාත්මක කර තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අයථා ගනුදෙනු හා අනෙකුත් ගැටළු සමග  2023 වර්ෂයේ අවසන් කළ යුතු ප්‍රධාන ව්‍යාපෘති තවම අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙන බවද බිමල් රත්නායක මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ලාංකිකයන් 17ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරලා

ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවූ 17 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ඒ රැකියා ගිවිසුම් උල්ල‍ංඝනය කිරීමක් හේතුවෙන්. ඊශ්‍රායලයේ ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා...

පොලිස් සිරමැදිරියෙන් සැකකරුවෙක් පැන ගිහින්

තලාව පොලිසියේ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවෙක් ඊයේ (14) අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව තලාව පොලිසිය පවසනවා. සැකකරුගෙන් ඇගිලි සටහන් ලබාගැනීම සදහා අපරාධ විමර්ශන අංශයට රැගෙන...

ජනපති අද ඉන්දීය නිල සංචාරය අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය අද (15) ආරම්භ වනවා. ඒ අනුව, ජනාධිපතිවරයා අද ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන 17 වනදා...

POPULAR ARTICLES