26.1 C
Colombo
Monday, December 16, 2024

රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම ගැන විමර්ශනයක්

- Advertisement -

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම අද (15) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ, එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

මෙම අනතුර නිසා අද පෙ.ව. 8.45ට බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රිය ද ප්‍රමාද වී ධාවනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනුම් දිමක්

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා...

රැජින-සාගරිකා ගැටුම නිසා තිදෙනකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු...

ජනපති ට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දීය තොරතුරු හා...

POPULAR ARTICLES