26.1 C
Colombo
Sunday, December 15, 2024

බිත්තර මිලේ වෙනසක්

- Advertisement -

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද (15) සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසා සිටියේ, ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවයි.

එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු පැවසුවා.

මෙම මිලගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බවත්, ඊට ඉහළින් ඇති කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ටන් අප්පුහාමි මහතා,

“ඉදිරි උත්සව සමයේ අපි තීරණයක් අරගෙන තියෙනවා රුපියල් 30 – 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කිරීමට. එමනිසා අද පටන් රුපියල් 35ට අඩුවෙන් බිත්තර අලෙවිකරන මෙන් සෑම සිල්ලර කඩයකින්ම ඉල්ලා සිටිනවා. 2023 මේ කාලසීමාවේ බිත්තරයක් තිබුණේ 65 -70 වගේ මිලකට. නමුත් බිත්තර නිෂ්පාදනය වැඩිවෙලා වෙළෙඳපොළ තුළ අද මිල සමනයකට පත්වෙලා. සියලුම ගොවියන්ගේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබෙනවා”.

“රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගතහැකියි ග්‍රෑම් 50 බිත්තරයක්. ග්‍රෑම් 55ට වැඩි බිත්තර ගෙඩිය 33යි..34යි..35යි. ඊට වැඩිය කවුරුත් ගන්න එපා. ඕන තරම් සුලබව විකුණන්න තියෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනුම් දිමක්

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා...

රැජින-සාගරිකා ගැටුම නිසා තිදෙනකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු...

ජනපති ට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දීය තොරතුරු හා...

POPULAR ARTICLES