වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට පහර දුන් පුත්තලම ප්රාදේශීය සභාවේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රිවරයකු හා ඔහුගේ සොහොයුරා පුත්තලම මුලස්ථාන පොලිසිය මඟින් අද (15 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ එම සභාව නියෝජනය කළ ප්රාදේශීය සභා මන්ත්රිවරයෙක් සහ ඔහුගේ සොහොයුරා බවයි පැවසෙන්නේ.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ මානතිව් ප්රදේශයේ පිහිටි හිටපු මන්ත්රීවරයාට අයත් බව පැවසෙන ඒ.ජෝෂප් නැමති අයකුගේ නමින් ඇති ඉඩමක මේ වන විට භාවිත නොකරන නමුත් පැරණි නොගෙවු රුපියල් 8,385 ක හිඟ බිල්පතට අදාල ස්ථානයේ විදුලිය විසන්ධි කර අදාල රැහැන් පද්ධති ගලවා දැමීමට විදුලි බල මණ්ලයේ පුත්තලම විදුලි ඉංජිනේරුවරයා යටතේ ඇති කල්අඩිය උප නඩත්තු ඒකකයේ සේවකයින් ගොස් තිබුණා.
එහිදී අදාල මන්ත්රීවරයා හා ඔහුගේ සොහොයුරා එම ස්ථානයට කඩා වැදි රාජකාරියට බාධා කරමින් මෙලෙස පහර දී තිබෙනවා.