28 C
Colombo
Monday, December 16, 2024

මී උණ වැළඳීමෙන් මිය ගිය ගණන ඉහළට

- Advertisement -

මී උණ වැළඳීමෙන් යාපනයේ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, මේ වන විට 39 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඉන් රෝගීන් 28 දෙනෙකු පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සෙසු රෝගීන් 11 දෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, පේදුරුතුඩුව, චාවකච්චේරී සහ කරවෙඩ්ඩි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මී උණ රෝගීන් වාර්තා වන බවයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් දොළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

දෙසැම්බර් මාසයේ මුල් දින 15 තුළ පමණක් මී උණ රෝගීන් 85 දෙනෙකු වාර්තා වුණා.

සමස්ත මරණ සංඛ්‍යාව, 200 ක් පමණ වනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුරව ඉන්දියාව මහත් හරසරින් පිළි ගනී

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති අනුර...

පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. ඉකුත් 2...

වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න මහජනයාට ඉඩක්

ශ්‍රී ලංකාව තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙනවා. මෙම වන...

POPULAR ARTICLES

ජනපති අනුරව ඉන්දියාව මහත් හරසරින් පිළි ගනී

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති අනුර...

Galle Marvels හිමිකරු යළි රිමාන්ඩ්

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T10" සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ' ගාල්ල මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...