28 C
Colombo
Monday, December 16, 2024

ගාලු පෝර්ට් සිටි ව්‍යාපෘති සැලැස්ම අපි පිළිගන්නේ නැහැ – රත්න ගමනේ

- Advertisement -

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බව ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.

ගාල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මේ පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගාල්ල වරාය නගර සංවර්ධන සැලැසුම පසුගිය රජය කාලයේ ඇමතිවරුන් විසින් යෝජනා කළ එකක් බවත් එම සැලැස්ම නව රජය විසින් නොපිළිගන්න බවත් රත්න ගමගේ මහතා මෙහිදී පවසා තිබෙනවා.

“ගාල්ල වරාය නගර සංවර්ධන සැලැසුම පසුගිය රජය කාලයේ මේ පළාතේ හිටපු ඇමතිවරු හදලා තිබුණු එකක්. එම සැලැස්ම අපි පිළිගන්නේ නැහැ. ඒක අපි හදපු එකක් නෙවෙයි. ගාල්ල වරායේ සිට රූමස්සල දක්වා සංවේදී ප්‍රදේශය ගොඩකරන්න තමයි මෙම ව්‍යාපෘතිය හදලා තියෙන්නේ. මේක පිස්සුවක්. හිසේ අමාරුවක් වගේ වැඩක්.

මේ ව්‍යාපෘතිය සඳහා කොහෙන් හරි මුදල් එන්න ඇති. මුදල් එන කාලයේ මෙකී ව්‍යාපෘතිය සැලසුම් කිරීමට වියදම් කරන්න ඇති. අපේ රජය මගින් කාල බීලා හෝටල්වල ඉඳලා හදපු මෙවැනි සැලසුම් පැත්තකට දමනවා. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිවලින් වූ විනාශය අපි දන්නවා”

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල් ගිහින්

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා...

ජනපති අනුරගෙන් අගමැති මෝදිට පොරොන්දුවක්

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීට පොරොන්දු...

මත්පෙති ආනයනය කළ අයෙක්ට වසර 12ක සිර දඬුවම්

ප්‍රංශයේ සිට නීති විරෝධි අයුරින් 2020 වසරේ මත්පෙති 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත...

POPULAR ARTICLES