25.7 C
Colombo
Monday, December 16, 2024

Galle Marvels හිමිකරු යළි රිමාන්ඩ්

- Advertisement -

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන “ලංකා T10” සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘ ගාල්ල මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම ඔහු රහස් ප්‍රකාශයක් ලබා දීමට එකඟ බව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පවසා තිබෙනවා.

එම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා 10 වැනිදා ඔහුව සිය නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබෙන්නේ.

එහිදී සැකකරු සහ ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුට පාපොච්ඡාරණයක ස්වරූපයෙන් ප්‍රකාශයක් ලබා දීමට අවසර ලබා දී තිබෙනවා.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු තරග පාවාදීම් සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය ක්‍රීඩකයකට සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.


RECENT ARTICLES - SINHALA

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ඉහළට

පසුගිය 16 වන දින සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක...

මන්ත්‍රී අර්චුනා ඇප මත මුදා හැරලා

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක...

රත්න ශ්‍රී විජේසිංහට සභාපති තනතුරක්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත් කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (16) ජාතික පුස්තකාල පරිශ්‍රයේදී...

POPULAR ARTICLES

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව ඉහළට

පසුගිය 16 වන දින සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක...

මන්ත්‍රී අර්චුනා ඇප මත මුදා හැරලා

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක...

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ අද (16) පස්වරු 4...