25.7 C
Colombo
Monday, December 16, 2024

මෝටර් රථ සිද්ධියට සෙට් එකකගේ බැංකු ගිණුම් තහනම් කරලා

- Advertisement -

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව එහි කාර්යාල කාර්ය සහායකයෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවයි.

ඒ අනුව, අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් සඳහා එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් මාස තුනක කාලයක් සඳහා නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් අත්හිටුවමින් නියෝගයක් නිකුත් කලා.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළව තවත් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිනුම් දෙකක් ද අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් තවත් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බලශක්ති ඇමතිගෙනුත් CID පැමිණිල්ලක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තම අධ්‍යාපන සුදුසුකම් ගැන අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16)...

සිවිල් සේවකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් 1500කට ආසනන් ප්‍රමාණයකට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව...

ව්‍යාජ බුද්ධි අංශ හැදුනුම්පතක් භාවිත කළ අයෙක් රිමාන්ඩ්

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත...

POPULAR ARTICLES