25.7 C
Colombo
Monday, December 16, 2024

කීර්ති තෙන්නකෝන්ටත් හොර ආණ්ඩුකාරකමක්

- Advertisement -

හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ කීර්ති තෙන්නකෝන් මහතා එම තනතුර අහිමිවී වසර ගණනක් ගෙවී ගිය පසුද ආණ්ඩුකාරවරයෙක් ලෙසට සමාජ මාධ්‍ය තුළ පෙනී සිටින අයුරු දක්නට ලැබෙනවා.

ඒ අනුව කීර්ති තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුවේ ඔහුගේ නම සදහන් වන්නේ ‘Governor Rajith Keerthi Tennakoon‘ලෙසයි.

කලක් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසට කටයුතු කළ කීර්ති තෙන්නකෝන් හට 2019 වසරේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුකාර ධූරයක් ලබාදීමට කටයුතු කළා.

ඒ අනුව 2019 වසරේ ජනවාරි 07 වැනිදා කීර්ති තෙන්නකෝන් මහතා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළත් එම ධූරයේ ඔහුට කටයුතු කිරීමට සිදුවූයේ දින දෙකක් පමණයි.

අනතුරුව 2019 වසරේ ජනවාරි 09 වැනිදා එතෙක් දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසට සිටි මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාතට පත්කර කීර්ති තෙන්නකෝන්ව දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසට පත්කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළා.

අනතුරුව ඔහු දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වූ අතර යළි එම වසරේම අගෝස්තු මස 04 වැනිදා පටන් කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කරනු ලැබූවා.

පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසට පත්වීමෙන් අනතුරුව නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට පත්කිරීමත් සමඟ කීර්තිගේ ආණ්ඩුකාර දිවිය අවසන් වුණා.

ඉන් වසර 4 ක් ගෙවී ගිය පසුත් කීර්ති තෙන්නකෝන් මහතා තවමත් ඔහුව ආණ්ඩුකාරවරයෙක් ලෙසට හදුන්වාගැනීමට සිය ෆේස්බුක් පිටුව යොදාගෙන තිබෙනවා.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා ලෙසට ඔහු කටයුතු කරන සමයේදී ඔහු පක්ෂග‍්‍රාහී ලෙස සහ ආචාර ධර්ම විරෝධි ලෙසට කටයුතු කරන බව දන්වමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එවක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙතට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

එයින් කියැවුණේ 2018 පළාත් පාලන මැතිවරණය නිමාවීමෙන් අනතුරුව මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් ප‍්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට පෙර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා තම පෞද්ගලික ෆේස්බුක් ගිණුම සහ කැෆේ සංවිධානයේ ෆේස්බුක් පිටුව හරහා මැතිවරණයේ ප‍්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ බවයි.

එමෙන්ම 2018 වසරේ පෙරවාරී මස 13 වන දින උදෑසන රූපවාහිනී නාලිකාවක විශේෂ සජීව වැඩසටහනකට සම්බන්ධ වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධානයක ප‍්‍රධානියෙකු ලෙස නොකළ යුතු මැදිහත්මක් සහ අදහස් දැක්වීමක් සිදුකළ බවද අදාළ ලිපියෙහි සදහන් වූවා.

2002 වසරේ පටන් 2004 වසර තෙක් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වූ අතර ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසට කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කළා.

අනතුරුව 2015 වසරේ යහපාලන රජය පත්වූ අතර එම රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කීර්ති තෙන්නකෝන් මහතාව කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලක සභාවට පත්කරනු ලැබූවා.

මීට එම විශ්ව විද්‍යාලයයේ ආචාර්ය සංගමය දැඩිව විරෝධය පලකළ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කෙරුණා.

එහිදී ඊට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ පැවති මහමැතිවරණයේදී කීර්ති තෙන්නකෝන් මහතා තම පක්ෂයට සහය දැක්වූ පුද්ගලයෙක් බවයි.

නමුත් ඒ වන විට මැතිවරණ කොමිසම, මැතිවරණ නීරීක්ෂණ සංවිධාන වෙත නිකුත් කර තිබූ මාර්ගෝපදේශ මාලාවේ දැක්වුණේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ එහි සාමාජිකයින් සෘජුව හෝ වක්‍රව කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදැක්විය යුතු බවයි.

පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙසට පත්වූ පසුව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

සිවිල් සේවකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් 1500කට ආසනන් ප්‍රමාණයකට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව...

ව්‍යාජ බුද්ධි අංශ හැදුනුම්පතක් භාවිත කළ අයෙක් රිමාන්ඩ්

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත...

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පාලන මිලක්

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ,...

POPULAR ARTICLES

සිවිල් සේවකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් 1500කට ආසනන් ප්‍රමාණයකට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව...

ව්‍යාජ බුද්ධි අංශ හැදුනුම්පතක් භාවිත කළ අයෙක් රිමාන්ඩ්

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත...

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පාලන මිලක්

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ,...