උත්සව සමයේ මේ දක්වා කාලය තුළ සහල් පාලන මිලට අලෙවි නොකිරීම සම්බන්ධ වැටලීම් 342ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ පසුගිය 17 වැනිදා සිට අද (16) දක්වා කාලය තුළ එම වැටලීම් සිදුකර ඇති බවයි.
ඒ අනුව අදාළ වැටලීම්වලින් 6කට අදාළව අධිකරණ තීන්දු ලැබී ඇති අතර එමගින් රුපියල් ලක්ෂ 7ක මුදලක් දඩ ලෙස අය කරගන්නා ලෙසට තීන්දු ලැබී තිබෙනවා.
එමෙන්ම අනෙකුත් වැටලීම්වලටද මේ වනවිට නඩු පවරා අධිකරණමය තීන්දු ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.