25 C
Colombo
Thursday, December 19, 2024

අස්වැසුම ප්‍රතිලාභින්ට දැනුම්දීමක්

- Advertisement -

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවයි.

ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දෙනවා.

ජාතික හැඳුනුම්පත නොමැති වුව ද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත්, එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා දෙන ලිපිය ලබා ගෙන , බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

චීනෙන් නැගෙනහිරට සහන මලු

අධික වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයින් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර...

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ...

කඳුකර කොටියෙක් මරා හිස සහ පාද හතර කපාගෙන ගිහින්

මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසනවා. හැටන් පොලිස් වසමට අයත් පොඩයිස්...

POPULAR ARTICLES