25 C
Colombo
Thursday, December 19, 2024

කඳුකර කොටියෙක් මරා හිස සහ පාද හතර කපාගෙන ගිහින්

- Advertisement -

මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසනවා.

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායේ ළදු කැළැවක මියගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් හැටන් පොලිසියට අද (18) දැනුම් දි තිබුණා.

ඒ් අනුව පොලිස් නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

හැටන් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කොටියාගේ සිරුර සොයාගත් අවස්ථාවේ කොටියාගේ හිස සහ පාද හතර දඩයම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇති බව වනජිවි නිලධාරින් පවසනවා.

වනජිවි නිලධාරින් පැවසුවේ මෙසේ ඝාතනය කර ඇත්තේ අවු 10 ක් පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියෙකු බවයි.

කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ සදහා රණ්දෙණිගල වනජිවි පශුවෛද්‍ය රෝහල වෙත යොමු කරන බවත් වනජිවි නිලධාරින් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

බාල ඖෂධ සිද්ධිය; දෙවන සැකකරුට උපාධිය ගන්න රට ගිහින් එන්න අවසර

ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ජනක වන්ද්‍රගුප්ත කළ ඉල්ලීමකට මලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා...

අනුර පිළිගන්න චීනයත් සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති...

ටොයෝටා ලංකා ගෙන් වූ අලුත්ම වාහන

අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබෙනවා. සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන...

POPULAR ARTICLES