පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ, මාර්ග අනතුරු, දියේ ගිලීම්, සතුන් සපාකෑම් සහ ආහාර විෂවීම් හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බවයි.
කෙසේවෙතත් උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරුවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද සඳහන්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මෙම අදහස් පළ කළා.