27.3 C
Colombo
Thursday, December 19, 2024

ශිෂ්‍යත්ව විභාගයේ විමර්ශනවල රහසිගත වාර්තාවක් අධිකරණයට

- Advertisement -

ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය විසින් එම වාර්තාව අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සිද්ධිය පිළිබඳව සිදුකළ පරීක්ෂණවල සවිස්තර රහසිගත වාර්තාවක් අද පෙරවරු 9.00 පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත නියෝග කර තිබුණා.

ඒ අනුවයි මෙම වාර්තාව භාරදීම සිදු කර තිබෙන්නේ.

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ දින අවසන් කෙරුණා.

එහි තීන්දුව මේ මස 31 වැනිදා ප්‍රකාශ කරන බව අදාළ පෙත්සම් විභාග කළ යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ දින නියෝග කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

හරක් කටාට එරෙහිව ඇති නඩුවක සාක්ෂි විමසීම අරඹලා

තවත් පුද්ගලයෙකු සමග බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා එම නිවසේ තිබූ රුපියල් විසි දහසක මුදලක් පැහැරගෙන යාම මෙන්ම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ...

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බවට වාර්තා වනවා. ගාල්ල බන්ධනාගරයේ රඳවා...

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තය අවසන්කර අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ දී අද (19) සවස පිලීපැනීමකට ලක්ව...

POPULAR ARTICLES