26.9 C
Colombo
Friday, December 20, 2024

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

- Advertisement -

ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බවට වාර්තා වනවා.

ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් අතර එම ගැටුම හටගෙන තිබුණා.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ අනුර පුෂ්පකුමාර හෙවත් “බටු මීයා” නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ කරන්දෙණිය සුද්දා නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි.

එහිදී “බටු මීයා” නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

“බටු මීයා” සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩිතැබීම සිදුකළ බවයි.

ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට යැවුණු ඔවුන් රඳවා සිටි වාට්ටුවෙහි කරන්දෙණිය සුද්දාගේ පර්ශ්වයට අයත් සැකකරුවන් පිරිසක්ද සිට තිබුණා.

අද උදෑසන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් “බටු මීයා” සහ ඔහුගේ සගයින්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බව සඳහන්.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වී තත්ත්වය පාලනය කර “බටු මීයා” ඇතුලු පිරිස බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.

RECENT ARTICLES - SINHALA

යාචකයින් හා නිවෙස් නොමැති පුද්ගලයින් ගැන සංගණනයක්

මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් පසුගියදා සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ජන හා...

සුගතදාස ක්‍රීඩාංගණය ගැන ගත් තීරණය

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය යනු පළමු පන්තියේ ක්‍රීඩා පහසුකම් සපයන ජාත්‍යන්තරව...

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාව ත්‍රිකුණාමලයට

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව  ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට පියවර ගෙන  තිබෙනවා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර...

POPULAR ARTICLES