නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිෙබනවා.
එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්ය.
අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් සිදුකරමින් පවතින බවත් මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හා මාර්ගගත ප්රකාශනයන් මගින් තහනම් යෝජනා ක්‍රම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තොරතුරු මහජනතාවට සැමවිටම තහවුරු කරමින් ලබා දෙන බවයි.
මහ බැංකුව විසින් නිකුත් කළ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ආයතන පහතින්.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark-Wo International (Pvt) Ltd
- V M L International (Pvt) Ltd
- Fast3Cycle International (Pvt) Ltd
- Sport chain app, Sport chain zs society Sri Lanka
- Onmax DT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd.
- Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd.
- Ride to Three Freedom (Pvt) Ltd.
- Qnet
- Era Miracle (Pvt) Ltd and Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd.
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entreprenuer (Private) Limited
- Net Fore International (Private) Limited / Netrrix