වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බවයි.
මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 ක්.
ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ඊයේ (20) ගාල්ල දඩල්ල ප්‍රදේශයෙන් ය.
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර එළැඹෙන උත්සව සමයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.