31 C
Colombo
Saturday, December 21, 2024

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

- Advertisement -

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

එමෙන්ම මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් අංකය ලබා නොදී ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කර ඇත්නම් මේ මස 31 වනදාට පෙර තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බැංකු වෙත ලබාදෙන ලෙසයි එම ගිණුම් හිමියන්ට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඇතැම් ගිණුම් හිමියන් ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදෙස් ගමන් බලපත් අංකය, රියදුරු ගමන් බලපත්‍ර අංකය ලබා දී බැංකු ගිණුම් විවෘත කර ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයක් නොවන පුද්ගලයෙකුට වලංගු විදෙස් ගමන් බලපත්‍ර අංකය ලබා දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුම් විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

යම් වානිජ්‍ය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කඩා වැටීමට ලක්වුවහොත් වන්දි ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අත්‍යවශ්‍ය බව මහ බැංකුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආචාර්ය නාමය ගැන තිදෙනෙක්ගෙන් CIDය ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ  "ආචාර්ය" නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ...

ගාල්ල – දඩල්ල වෙඩි තැබිමේ තවත් තොරතුරු

පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු වන පැතුම් නොහොත් 'ලොක්කා' ඊයේ (20) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා. ගාල්ල - දඩල්ල ප්‍රදේශීයේදී...

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

POPULAR ARTICLES

රන් මිල සුළු වශයෙන් ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක...