30 C
Colombo
Monday, December 23, 2024

මීගොඩ වෙඩිතැබීමට සම්බන්ධ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පසුගිය 14 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) පස්වරුවේ හෝමාගම හා මීගොඩ පොලිස් වසම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

සැකකරුවන් අවුරුදු 22,26 හා 38 යන වයස්වල පසුවන පාදුක්ක හා මීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වනදා මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරුවෙකු හා එයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් අනුව ලැබුණු තොරතුරු මත ඊයේ මෙම අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මොවුන්ගෙන් එක් අයෙකු මෙම අපරාධය සිදුකිරීමට වෙඩික්කරු සමග පැමිණි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව...

POPULAR ARTICLES

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි. අනතුරට පත්වු...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...