30 C
Colombo
Wednesday, December 25, 2024

මූඩිස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දාලා

- Advertisement -

මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

රොයිටර් පුවත් සේවය ඊයේ (23) පස්වරුවේ මේ බව නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවසර දීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවට විදේශීය ණය ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණා.

එය පසුගිය සතියේ අවසන් අදියරට පැමිණියේ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ආයෝජකයින් කැමැත්ත පළ කිරීමෙන් පසුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවති ණය ශ්‍රේණිය ඉහළ දැමීමට ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද පියවර ගත්තා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයාට පහරදුන් හෝටල් කළමනාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට

පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

අද දිනට යෙදී ඇති (25) නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) ලබාදීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

දක්ෂිණ අධිවේගයේ බෑවුමකට ලොරියක් පෙරලිලා

ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට...

POPULAR ARTICLES