30 C
Colombo
Wednesday, December 25, 2024

නැගෙනහිර සංවර්ධනයට ඉන්දියාවෙන් සල්ලි

- Advertisement -

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතයි.

ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා.

මේ යටතේ ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇති අතර මෙමගින් නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාව වනු ඇති.

ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වනවා.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා යොමුකළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගන්න යද්දි සැකකරුවෙක් වසබීලා

මොනරාගල පොලිස් වසමට අයත් මාරාව කිවුලේආර ප්‍රදේශයේ පදිංචි සැකකටයුතු පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු වස පානය කර ඇති බව පොලීසිය පවසනවා. කිවුලේආර ප්‍රදේශයේ...

පාරිභෝගිකයාට පහරදුන් හෝටල් කළමනාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට

පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

අද දිනට යෙදී ඇති (25) නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) ලබාදීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

අසර්බයිජාන් මගී ගුවන් යානයක් කඩා වැටෙයි

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබෙනවා. BBC පුවත් සේවය වාර්තා කළේ, එම ගුවන් යානයේ පුද්ගලයින් 67 දෙනෙකු ගමන් කර ඇති...