මන්නාරම ආශ්රිත මුහුදු ප්රදේශයේදී නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ, එහිදී ධීවර යාත්රා දෙකක්ද සිය භාරයට ගත් බවයි.
අදාළ පිරිස හා යාත්රා ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව පැවසුවා.
වසරේ මේ දක්වා කාලය තුළ නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 546 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ, අදාළ කාල සීමාව තුළ යාත්රා 72ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.