28.8 C
Colombo
Saturday, April 5, 2025

ප්‍රියා සූරියසේනගේ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

- Advertisement -

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පුත් ලක්ෂිත සූරියසේන මහතා පවසනවා.

ඒ අනුව අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනු ඇති.

දේහය හෙට (25) උදේ 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

26 වනදා සවස 2 සිට 5 දක්වා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙන ඒ මහතාගේ දේහය එදින සවස 6 සිට 27 වනදා සවස දක්වා බොරැල්ල ජයරත්න (රෙස්පෙක්‍ට්) ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 27 වනදා සවස 4ට පමණ බොරැල්ල සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූ අතර මිය යනවිට ඔහු 80 වැනි වියේ පසු වුණා.

RECENT ARTICLES - SINHALA

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කරලා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 07කට අද (05) අත්සන් තැබුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර...

මෝදි සහ සජිත් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුව තිබෙනවා. අද (05) පස්වරුවේ එම හමුව සිදුව තිබෙන අතර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා...

“දේශපාලන පළිගැනීම් කතාවලට අල්ලස් කොමිසම ගාවගන්න එපා”

වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහල නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නඩු පවරන බව අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු මහාධිකරණ...

POPULAR ARTICLES