වැල්ලව, මරළුවාව ප්රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවළකට නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (24) රාත්රියේ වෙඩි තබා පළාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවල කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබුණා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ මරළුවාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාලකාරිය අවුරුදු 30ක් වූ තැනැත්තියක වන අතර ඔවුන් එම ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අඹුසැමි යුවළක් බවයි පැවසෙන්නේ.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.