24 C
Colombo
Thursday, December 26, 2024

මාලිගාකන්ද වෙඩිතැබීමට තවත් අයෙක් අත්අඩංගුවට

- Advertisement -

මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතරවාරයේදීයි.

එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අපරාධය සිදුකළ වෙඩික්කරු ගිනි අවියද සමග සැඟව සිටි නිවසේ අයිතිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ගිනි අවිය බැහැර කර ඇති බවට හෙළිව තිබෙනවා.

ඒ අනුව පසුගිය 20 වැනි දින ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ත්‍රීරෝද රථ රියදුරෙකුට ලබා දී ඇති බවයි.

ඒ අනුව එම ත්‍රීරෝද රථ රියදුරුද පසුගිය 22 වැනි දින පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ජම්පටාවීදිය වෙත රැගෙන ගොස් වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවයි.

අනාවරණය කරගත් තොරතුරු මත ගිනි අවිය ලබා ගත් එම සැකකරුද ඊයේ (24) දින සවස් කාලයේදී වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමට අධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන ජම්පටාවීදිය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සහ මරදාන පොලීසිය සිදුකරනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

ගිනිගත් කැබ් රියක මළ සිරුරක්

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර  කිලෝමීටර් 38 කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය පවසනවා....

පොලීසියේ ස්ථාන මාරු මාස 6කට කල්යයි

2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද...

කළුතර ජනතාවට විශේෂ දැනුම්දීමක්

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන...

POPULAR ARTICLES

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ජපාන ගුවන් සේවයට ( japan airlines ) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල...

ගිනිගත් කැබ් රියක මළ සිරුරක්

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර  කිලෝමීටර් 38 කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය පවසනවා....

සුනාමි මතකයට අදට වසර 20ක්

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙනවා. අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට...