30 C
Colombo
Thursday, December 26, 2024

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු

- Advertisement -

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසනවා.

මේ මස 22 වනදා මාදම්පේ පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු අතින් සහ පයින් පහරදී වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මනක්කුලම, කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශනයේදී අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් ඊයේ (24) සවස මාදම්පේ, දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 53 වයස්වල පසුවන කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු බව පොලීසිය පවසනවා.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

සී.අයි.ඩී කොස්තාපල්වරයෙක් බියර් කෑන් අටක් කොල්ල කාලා

උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ...

නොවැම්බරයේ අපනයන ආදායම ඉහළට

වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ඉකුත් නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වූ අතර එය 2023දී එම...

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි.

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115...

POPULAR ARTICLES