අද දිනට යෙදී ඇති (25) නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ අවස්ථාව සළසා දී ඇති බව සඳහන් වනවා.
ඒ අනුව අද (25) දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව හිමිවනවා.
අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කෙරෙනු ලබනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම කටයුතු සිදුකෙරෙන බවයි.