27.8 C
Colombo
Friday, December 27, 2024

විගණනයේ පුටු බාගයට බාගයක් හිස්

- Advertisement -

රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග පවසන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

ජාතික විගණන කාර්යාලයේ සිටිය යුතු විගණන නිලධාරීන් ප්‍රමාණය 1450 ක් වන දැනට මෙහි සිටින්නේ නිලධාරීන් හත්සීයක් පමණ බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ විගණන නිලධාරින්ගේ බරපතල හිඟයක් පවතින බව පිළිගන්නා බවයි.

විගණන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයකින් 460 දෙනෙකු තේරී ඇති බවත් ඔවුන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ ලබන මස 7- 8 පැවැත්වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළා.

එම පිරිස බඳවා ගත් පසු බාධාකාරී තත්ත්වය නිමා වනු ඇතැයි ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානීන් පෙන්වා දෙනවා.

විගණන නිලධාරීන් ලොකු පිරිසක් පසුගිය කාලයේදී උසස්වීම් ලැබ ඇති අතර මෙම පුරප්පාඩු මතුවී ඇත්තේ ඉන් පසුව බව දැනගන්නට තිබෙනවා.

විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් බොහෝ විමර්ශන වලට නිලධාරීන් යොමු කිරීමේදී බරපතළ ගැටලු මතුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානයක් තුළදී ලාංකික කාන්තාවක් මිය ගිහින්

දෝහා හි සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කටාර් එයාර්වේස්...

සමගියේ සමඟියක් නැති නිසා හිටපු මන්ත්‍රි දේශපාලනෙන් සමු අරන්

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මහතා දේශපාලන ජීවිතය සමුගන්නා බව පැවසුවා. අද (27) පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ...

රතු වරෙන්තු නිකුත් කර තිබූ අඹු –සැමි යුවළක් අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස නම්කර සිටි; මෙරටින් පලා ගිය අඹු – සැමි යුවළක් සහ ඔවුන්ගේ බාලවයස්කාර දරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26) රාත්‍රියේ දී...

POPULAR ARTICLES