33 C
Colombo
Saturday, December 28, 2024

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසිම අද සිට

- Advertisement -

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වනවා.

පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ඇති.

නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබුණේ සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම පසුගිය 17වනදා සිට සිදු කෙරුනු අතර අද දිනයේ සිට පළාත් නවය ආවරණය වන පරිදි ජනවාරි මස 10වනදා දක්වා වාචික අදහස් ලබාගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ 0772 943 193 දුරකථන අංකය අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවා.

වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

බවුසර්වලින් ඉන්ධන අරන් හොරට විකුණූ 5ක් අත්අඩංගුවට 

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට යන ඉන්ධන පිරවු බවුසර්වලින් ඉන්ධන ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඉන්ධන පිරවු බවුසර්...

ටින් මාළුවලට අද සිට පාලන මිලක්

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින්...

ඉලංකෙයි තමිල් අරසු කච්චි මුල් පුටුවල වෙනසක්

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර තිබෙනවා. එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ.  ශිවඥානම් මහතායි...

POPULAR ARTICLES

බවුසර්වලින් ඉන්ධන අරන් හොරට විකුණූ 5ක් අත්අඩංගුවට 

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට යන ඉන්ධන පිරවු බවුසර්වලින් ඉන්ධන ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඉන්ධන පිරවු බවුසර්...

ටින් මාළුවලට අද සිට පාලන මිලක්

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින්...

පළමු තරඟයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරඟය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට...