32 C
Colombo
Saturday, December 28, 2024

ටිපර් රථයට යටවී පොලිස් නිලධාරියෙක් මරුට

- Advertisement -

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටී බරපතළ තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.

අදාළ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (26) රාත්‍රියේ හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසලදී මෙම මාරක අනතුර සිදුවී තිබුණා.

එම ස්ථානයේදී පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි කටයුතුවල යෙදී සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු, කාර් රථයේ සිටි කාන්තාවක් සහ වයස මාස 04ක කුඩා දරුවෙකු, ලොරි රථයේ රියදුරු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 56ක් වූ භාතියගම, කන්තලේ ප්‍රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත ගල්ඔය පොලිස් මුරපොළෙහි රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක්.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

රථ වාහන වැරදිවලට හසුවූ රියදුරන් 8,000 ඉක්මවයි

අද (28) පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 383 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර...

නීතියට පිටින් රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වන්න ගත් තීරණය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක්...

මගී ප්‍රවාහන බස් පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙම මෙහෙයුම මගින් දුර ගමන්...

POPULAR ARTICLES