32 C
Colombo
Sunday, December 29, 2024

මාලිමාවේ මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්

- Advertisement -

තමා සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වට්ස් ඇප් හරහා හුවමාරු වන අසත්‍ය හා ද්වේෂ සහගත පණිවුඩ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.  

වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සම්බන්ධ කරමින් තමා පිළිබඳව මෙලෙස ව්‍යාජ සහ ද්වේෂසහගත පුවත් ප්‍රචාරය වීම හේතුවෙන් සිය කීර්ති නාමයට මෙන්ම මහජන විශ්වාසයට හානි වී ඇති බව මන්ත්‍රීවරිය අදාළ පැමිණිල්ල මඟින් පෙන්වා දෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වී මෙම ව්‍යාජ ප්‍රචාර පිටුපස සිටින කණ්ඩායම් හඳුනා ගෙන සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෞශල්‍යා ආරියරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින්,

“මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.

මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!

මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්‍රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු.”

RECENT ARTICLES - SINHALA

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

පුරාවස්තු සොයමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට

පොළොන්නරුව නව නගරයේ ඉඩමක පුරා වස්තු කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්. ඔවුන් අවුරුදු 33...

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා....

POPULAR ARTICLES

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

පුරාවස්තු සොයමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට

පොළොන්නරුව නව නගරයේ ඉඩමක පුරා වස්තු කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්. ඔවුන් අවුරුදු 33...

බොරතෙල් මිල ඉහළට

මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් .ටී .අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ...