27 C
Colombo
Sunday, December 29, 2024

මහේස්ත්‍රාත්ගේ සහෝදරයා රිමාන්ඩ්

- Advertisement -

ලක්ෂ අනූවක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සලෝචන ගමගේ මහතා සහ තවත් ව්‍යාපාරිකයෙක් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර කර තිබුණා.

පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ දී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ දී අද (29) සවස ගිනිගෙන තිබෙනවා. මෙම යතුරුපැදියේ දෙදෙනකු ගමන්කර ඇති අතර, මගීන්...

හොරට පාස්පෝට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ...

විඩීයෝ අන්තර්ජාලයට මුදාහරින බවට සිසුවියකට තර්ජනය කරලා

විඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ගාල්ල - නාගොඩ ප්‍රදේශයේ...

POPULAR ARTICLES